PHP මුල සිටම – PHP Basic Part 1

What is PHP in Sinhala

මොකක්ද php කියන්නේ ?

php කියන්නේ වෙබ් ඩිවලොපින්ග් සදහා සැකසු සර්වර් සයිඩ් ලැන්ග්වේජ් එකක්.මේකේ පියා ලෙස සැලකෙන්නේ රාමස් ලාඩොෆ් (Rasmus Lerdorf) නමැති ග්‍රීන්ලන්ත ප්‍රෝග්‍රෑම් කරුවෙක් .අද වෙනකොට වෙබ්සයිට් බිලියන 2කකට වඩා හා වෙබ් සර්වර් මිලියන 2කකට වඩා මේ ලන්වේජ් එක බාවිතා කරනවා. මුල් අවදියේ php හැදින්වුවේ Personal Home Page කියල.එත් දැන් php කියන්නේ Hypertext Preprocessor කියන එක.

phpහි බාවිතාවන්

අපිට php , html එක්ක බාවිතා කරන්න පුළුවන්.මේ ලැන්වේජ් එක බාවිතා කරලා අපිට පුළුවන් dynamic වෙබ් පිටු සාදන්න.උදාහරණයක් ගත්තොත් facebok/google /twitter /ehackerz .මේ ඔක්කොම වෙබ්සයිට් ලියල තියෙන්නේ php වලින්.

මෙම පාඩම සදහා ඔබ සතු විය යුතු දෑ.

  • පරිගණකයක්
  • ටෙක්ස්ට් එඩිටර් එකක්
  • වෙබ් හොස්ටින්ග් එකක් හෝ XAMPP
  • HTML/CSS/JS පිලිබදව මූලික දැනීමක්

php ප්රෝග්‍රමින්ග් සදහා පරිගණකය සැකසීම

ටෙක්ස්ට් එඩිටර්

සාමාන්‍ය නොට් පෑඩ් එකෙනුත් අපිට PHP ප්රෝග්‍රමින්හ් කරන්න පුළුවන්.එත් notpad++ වගේ එඩිටර් එකක් බාවිතා කරන එක අපිට ගොඩක් ලේසියි .

මේ එඩිටර්ස් වලින් එකක් ඩව්න්ලෝඩ් කරගන්න ,

Notpad++ -> http://notepad-plus-plus.org/download/v6.6.9.html
Codelobster PHP Edition -> http://www.codelobster.com/download.html
Aptana Studio -> http://www.aptana.com/products/php/
NetBeans -> https://netbeans.org/downloads/
Jedit -> http://www.jedit.org/index.php?page=download
eclipse -> http://www.eclipse.org/

Xampp ඉන්ස්ටෝල් කිරීම

මෙතනින් XAMPP ඩව්න්ලෝඩ් කරගන්න -> https://www.apachefriends.org/download.html

ඩව්න්ලෝඩ් කරලා සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරන්නඊට පස්සේ ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල ඇති XAMPP ශෝර්ට්කට් එක.එක ඩබල් කිල්ක් කරන්න.ශෝර්ට්කට් එකක් ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල නැත්නම් ඔයාගේ ඉන්ස්ටෝල් ඩිරෙක්ට්‍රි එකේ ඇති xampp_cantrol.exe කියල exe එකක් එක ඩබල් ක්ලික් කරන්න.ඔයාගේ ස්කයිප් එකෙනුත් පොඩ්ඩක් එක්සිට් වෙන්න.

එතකොට එයි මේ වගේ වින්ඩෝ එකක්.

එකෙන් ඔය තියන apache , MySql කියන දෙක ස්ටාර්ට් කරන්න

ඊට පස්සේ ඔයාගේ xampp ඉන්ස්ටෝල් ඩිරෙක්ට්‍රි එකට ගිහින් එකේ ඇති htdocs කියල ෆෝල්ඩර් එකක්.එක ඇතුලේ හදන්න test කියලා ෆෝල්ඩර් එකක්.ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ෆයිල් එකක් හදන්න index.php කියලා.ඒ ෆයිල් එක ඔයාගේ එඩිටර් එකෙන් ඕපන් කරලා මෙනන මේ කෝඩ් එක ගහල සේව් කරන්න

<?php
echo “Hello Ekathuwa”;
?>

දැන් ඔයාගේ බ්‍රව්සර් එකට ගිහින් මෙහෙම ගහල බලන්න.

http://localhost/test

දැන් ඔයාට පෙන්නනවම් පේජ් එකක් Hello Ekathuwa කියල ඔයාගේ PC එකේ දැන් අපිට පුළුවන් PHP ප්රෝග්‍රමින්ග් කරන්න

එහෙනම් ඉතුරු ටික ඊලග ටියුට් එකෙන් දාන්නම්.මේ ටියුට් එකේ මොකක්හරි ගැටළුවක් තියනවනම් පහලින් රිප්ලයි එකක් දාගෙනම යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *